Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

අද ''ඉරි තැලීම''නොහොත් හෙට දවසේ බලාපොරොත්තුව - කුසල් පෙරේරා


''සහෝදර නායක මුඅමර් අල් ගඩාෆි වැඩි කල් නොගොසින් බලයෙන් පහ කෙරෙනු ඇතැයි 2011 වසර ආරම්භයේ දී කිසිවකු තර්ක කළේ නම්, හේ අවම වශයෙන් 'දවල් හීන' දකින්නකු ලෙස නැතිනම් වඩා නිවැරදිව, 'උන්මත්තකයෙකු' ලෙස හංවඩු ගැසෙන්නට ඉඩ තිබිණ. එහෙත් සිදුවූයේ එයම ය.'' අල් ජසීරා රූපවාහිනි නාලිකාවේ නැවුම් නිර්මාණශීලි වැඩ සටහනක් වන ''ද කැෆේ'' නම් වැඩ සටහනෙහි අද ලිබියාව ගැන කතිකාව හඳුන්වා දෙමින් එහි නිවේදිකාව තැබූ ආරම්භක සටහනෙහි එසේ කියැවුනි.
එවැනි උන්මත්තකයෙකු නැති නම්, අඩුම තරමින් ''දවල් හීන'' දකින්නෙකු ''රාවය'' හිතවතුන් අතර ඇති දැයි නොදනිමි. එනිසා කල් නොමරා, ඒ කාර්යයට බසින්නට සිතුනි. මේ, ඒ වෙනුවෙන් කෙරුනු දළ ගණන් බැලීමකි.


මර්වින් සිල්වා උදේ වැඩ පටන් ගන්නේ පන්සිල් ගෙන භාවනානුයෝගීව හිඳ, ඉතා හොඳ බෞද්ධයෙකු ලෙසින් යැයි කොහෙන් දෝ අහුලා ගෙන විත් මාධ්‍යයට ප්‍රකාශ ලබා ගත් ඝණින්නාන්සේලා පිරිසක් කීහ. එහෙත් සිහි බුද්ධියෙන් වූ කවුරුත් මෙතෙක් ප්‍රසිද්ධියේ කතා කළ පරිදි, පාතාලයේ මැරයින් ද කුඩු මුදලාලිලා ද සමගින් කප්පම් ගනිමින්, කැළණිය ප්‍රදේශයේ ජනතාවට ද ඉමහත් පිළිලයක් ව සිටි මර්වින් ට එරෙහිව කැළණියේ ඔහුගේම ගෝල බාලයින් දැන් කැරළි ගසති. කැරළි නායක ප්‍රාදේශීය සභාවේ සභාපති සහ දැන් ඔහු සමග එක්ව සිටින අති බහුතරයක් වන සභිකයින් මර්වින් ගේ මගෝඩි වැඩ ගැන විවෘතව මාධ්‍යයන්ට හෙළිදරව් කරති.
ඉකුත් සඳුදා, ශී්‍ර.ල.නි.ප මහ ලේකම් මෛතී්‍රපාල සිරිසේන හා අලහප්පෙරුම ඇමතිවරුන් හමුවී මර්වින් සිල්වා ඇමති ගේ සියලූ නීති විරෝධී, මගෝඩි කි්‍රයා ගැන සවිස්තර කරුණු පමණක් නොව, තමන්ට ඇති මරණ තර්ජන ගැන ද දැනුම් දුන්නේ යැයි කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර, මාධ්‍යයට ප්‍රකාශ කළේ ය. මර්වින් මෙතෙක් නීති විරෝධී ලෙස හැසිරෙමින්, මේ සියලූ පාතාල කි්‍රයා වල නිරතව සිටියේ හැංගි හොරා නොවේ. ඒ බොහෝ දේ මාධ්‍යයෙන් ප්‍රචාරය වුනු, සමාජයේ විවෘතව කතා කෙරුනු, සමාජ ගැරහුමට පාත්‍ර වූ කි්‍රයාවන් විය. එහෙත් ඒ කිසිත් නොතකා, කිසිදු වචනයක් ඒ ගැන නොදොඩා, ජනාධිපති රාජපක්ෂ ඔහුව නොකඩවා ඇමති පට්ටම් සමගින් රඳවා ගත්තේ ය. කැළණියේ ආණ්ඩුවේම ඇබිත්තයින් දැන් මර්වින්ට විරුද්ධ වන විට, ඒ ප්‍රසිද්ධ විරෝධය මර්වින් ගේ පාතාල කි්‍රයාකාරකම් වලට පමණක් නොව, මෙතෙක් මර්වින් නඩත්තු කළ ජනාධිපතිටත් සමග ය.
තංගල්ලේ හෝටලයක සිදුව ඇත්තේ ද අහඹු ඝාතනයක් හා කාන්තාවක් දූෂණය කර බරපතල ලෙස තුවාල කිරීමක්ම නොවේ. එය ද මර්වින් වැනිම ජනාධිපති බල තල තමන් ගේ ආරක්ෂාවට ඇතැයි පළාතේ මගෝඩි වැඩ කරමින් සිටි ප්‍රාදේශිය සභාවේ සභාපති සම්බන්ධ කල්ලියක ගේ මැර බලය, දෝරෙ යෑමකි. එය ද කොළොන්නාවේ දුමින්ද සිල්වා පටලැවී ඇති සිව් පුද්ගල ඝාතනයේ දී මෙන් හැකි උපරිමයෙන් යට ගසන්නට ඉඩ ඇති මිනී මැරුමකි. ස්තී්‍ර දූෂණයක් සහ බරපතල තුවාල සිදු කිරීමකි. එය ද, සිදු කෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් හා අනතුරුව එළැඹෙන නීති කි්‍රයා මාර්ග ගැන මේ සමාජය, දැනටමත් සැක පහළ කරන සිද්ධියකි.
ජනගහනයෙන් සෑම 12 කුටම, පොලීසියට අමතරව එක හමුදා සෙබළෙකු ඇතැයි ගණන් බලා ඇති යාපනයේ, උදයන් පුවත් පතේ කර්තෘට මරණීය තුවාල ඇති කෙරෙන පහර දීම්, යාපනය නගර ආසන්නයේ ගමකටම රාති්‍රයේ කඩා වැදෙන හමුදා පිරිස් හැමට පහර දී එහි පිරිමින් බස් වල පටවා පොලීසිය වෙත ගෙන ගොස් අත් අඩංගුවට පත් කිරීම, යාපනයේ විශ්ව විද්‍යාලයේ ශීෂ්‍ය කි්‍රයාකාරීන්ට හා කථීකාචාර්යවරුන්ට මරණ තර්ජනය කර පෝස්ටර ඇලවීම, තරුණ දේශපාලන කි්‍රයාකාරීන් දෙදෙනකු පැහැර ගෙන යාමෙන් පසු අතුරුදහන් වීම, එල්.ටී.ටී.ඊ කුරිරු ත්‍රස්තවාදය පරාජය කර විනාශ කළේ යැයි ආණ්ඩුව වසර දෙකහමාරකට පෙර කියූ පසුව, මේ දෙමළ සමාජයේ දැන් පවතින බියකරු යතාර්ථය ය.
ප්‍රේමදාස ජනාධිපති ඝාතනය වෙනුවෙන් රතිඤ්ඤා පත්තු කළ සිංහල පෙදෙස් වල නැවත ප්‍රභාකරන් මිය යෑම වෙනුවෙන් කිරි බත් කා පී්‍රති ගෝසා කර වීදි සංචාරය කළ ද, ඔවුන් ගේ ජීවිත වලද එතරම්ම වෙනසක් නැත. පොලීසිය මිනීමැරීමේ කොන්ත්‍රාත් ගැනීම, හමුදා නිලධාරීන් ඝාතන වලට සම්බන්ධ වීම, සොල්දාදුවන් හමුදා නිලධාරීන්ට වෙඩි තැබීම, අලූත් අවුරුද්ද උදා වූ සැණෙන් සුදු වෑන් මගින් පැහැර ගැනීම් එක දිගට සතරක් වාර්තා කිරීම, ඒ අතර මළ සිරුරු තුනක් මහ මග හමු වීමට අමතරව, පසු ගිය වසරේ වාර්තා කෙරුනු ස්තී්‍ර දූෂණ සංඛ්‍යාව 1,300 ට වැඩි ය. ළමා අපචාර ද වැඩි වී ඇතැයි වාර්තා විය. ''මේ ගෞතම බුදුන් ගේ දේශය'' යැයි වාහන වල, තී්‍ර රෝද රථ වල උජාරුවට දැන්වීම් අලවා ගෙන යන සිංහල රටේ සැටි ය.
අපේ රටේ හමුදාකරණය ගැන, ත්‍රස්තවාදය තුරන් කිරීම ගැන, සංවර්ධනය ගැන මහා උජාරුවට දේශන තියන, මාධ්‍යට උවදේස දෙන එකම රාජපක්ෂ කෙනෙක් වත් ඔවුන් ගේ පාලනය යටතේ මේ දෝරේ ගලන අපරාධ ගැන, ඔවුන් ගේ ඇබිත්තයින් ගේ මගෝඩි වැඩ ගැන, හුස්ම හෙලන්නේ වත් නැත. ඔවුන්ට දඩුවම් කිරීමක් ගැන දන්නේ වත් නැත. දේවාලය කෙළසන්නට අයිතිය ඇත්තේ කපුවාට පමණකැයි කියන්නාක් මෙන් අනෙකුන් ගේ හැසිරීම්, කි්‍රයාකාරකම් පාලනය කිරීමේ අයිතිය රටේ සාමය රැකීමක් සේ කතා කරන්නට හැකි යැයි ඔවුහු සිතති.
මේ නිසාවෙන් දැන් මේ පාලනයේ පල්ල ඉරි තලා ගොසින් ය. දැන් ඔවුන් ගේ යෝධ ඇමති මණ්ඩලයේ ඇතැම් පැරණි ශී්‍ර.ල.නි.ප සාමාජිකයින් ගේ සිට පහළට, ප්‍රාදේශීය සභා දක්වා විරෝධයක් ගොනු වන්නේ ය. ආණ්ඩු බලයෙන් පක්ෂය ඉවත් කර, පවුල් බලය මත එකතු කර ගත් පුද්ගලවාදී පාලනයට විරුද්ධ වන්නට ශී්‍ර.ල.නි.ප ජ්‍යෙෂ්ඨයින් දැන් හේතු සොයන්නේ ය. ඒ විරෝධය එක වර පාරට නොඑන්නකි. එහෙත් එය රාජපක්ෂ-ලා මෙතෙක් හීලෑ කර තබා ගත් පිරිස් අතර සැක සහිත පුද්ගලයින්, කුමන්ත්‍රණකරුවන් සම්බන්ධයෙන් බියක් ඇති වීමට හේතු වී තිබේ.
කම්කරුවන් අතර විරෝධතා මතු කළ හැකි ආකාරයේ සිදු වීම් ඇති කරන්නේ එවැනි කුමන්ත්‍රණකාරී පිරිස් යැයි ඉකුත් අ`ගහරුවාදා, ශී්‍ර.ල.නි.ප වෘත්තීය සමිති ප්‍රතිසංවිධානය සඳහා යැයි ඔවුන් ගේ සමිති නායකයින් අරලියගහ මන්දිරයට කැඳ වූ අවස්ථාවේ, රාජපක්ෂ සරණ යන්නෝ ජනාධිපති හමුවේ පැවසූහ. එහෙත් දැන් පෙළ ගැසෙන කිසිත් එළෙසින් සරළ කළ නොහැකි ය.
අධිකරණයේ ඇත්ත පැවැත්ම කෙතරම් නිග්‍රහශීලී ද යන්න, වරාවැව විනිසුරු ප්‍රසිද්ධ අධිකරණයේ දී පසු ගිය අ`ගහරුවාදා කළ ප්‍රකාශයෙහි වූ ඉතා සියුම් ඉ`ගි ගණනාවකින් සිතා ගත හැකි ය, තව දුරටත් මේ රාජපක්ෂ පාලනය ප්‍රතිසංස්කරණය කිරීමටවත් එහි කඩා වැටීම නවතා ගැනීමටවත් නොහැකි බව ඒ සියල්ලෙන් ඒත්තු යා යුතු ය. අධිකරණය එවැනි තත්ත්වයකට පත් වන විට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි වටිනාකමක් ඉතිරි වන්නේ නැත. හිරිකිතයත් නැතිව ව්‍යවස්ථා උල්ලංඝණ කෙරෙන පාලනයකට ඉඩ ලැඛෙන්නේත් එළෙසින්ම පමණි.
එවැනි පසු බිමක, ආණ්ඩුවේම වෘත්තීය සමිතිත් ආණ්ඩු දේශපාලනයට නතු නොවුනු, පක්ෂ හා ස්වාධීන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිතිත් වැටුප් වැඩි වීම් ඉල්ලා දැනටත් පාරට බැස අවසන් ය. එහි ඊළ`ග වටය වඩා සටන්කාමී විය හැක්කේ තුන් පලක ගොනු වී උද්ඝෝෂණය කරන මේ වෘත්තීය සමිති පොදු හවුලකට පැමිණි විටෙක ය. එයද දැන් සිදුවෙමින් තිඛෙන්නකි. ඔවුන් අතර ඒ වෙනුවෙන් දැන් සාකච්ඡා ආරම්භ වී ඇත.
විශ්ව විද්‍යාල අවුලද ඩෙංගු පැතිරීමටත් වඩා බරපතල ලෙස පැතිරෙන සෙයකි. මේ වන විට අර්බූදයක් නොමැති, ශිෂ්‍ය සටන් හා මර්දනයක් නොමැති විශ්ව විද්‍යාලයකට ඉතිරිව ඇත්තේ ශී්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයය පමණක් විය යුතු ය. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ද ඔවුන් ගේ වැටුප් වැඩිවීම් ගැන බරපතල විශ්වාසය කඩ වීමකට පත්ව, නැවත විරෝධතා ගැන කතා කරති. උසස් පෙළ විභාග අවුල කඩා පාත් කෙරුණේ මේ විශ්ව විද්‍යාල අර්බූද මත ය. එය'' ලකුණු සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ රාජකාරිමය ගැට`ඵවක් ලෙස ඉස්මතු කෙරුන ද, එය ද මේ ආණ්ඩුව අධ්‍යාපනය පිළිබඳව දක්වන නොසැළකිල්ල හා රාජ්‍ය පරිපාලනය මේ ආණ්ඩුව යටතේ බිඳ වැටී ඇති ප්‍රමාණය පෙන් වන්නකි.
මේ කිසිත් ජාත්‍යන්තර පාසල් වල විදේශීය විභාග වෙනුවෙන් තම දරුවන් සූදානම් කරන නාගරික, සල්ලිකාර දෙමාපියන් ගේ ගැට`ඵවක් නොවේ. මේ ආණ්ඩුවේ අධ්‍යාපන පිළිවෙත ද එයම ය. අලූතින් ඉදිරිපත් කිරීමට යෝජනා කෙරෙන උස්ස අධ්‍යාපන පණත් සංශෝධනය කියන්නේත් එවැනි නාගරික සල්ලිකාර දෙමාපියන් ගේ දරුවන් සඳහා අධ්‍යාපනය සකස් කෙරෙන ආකාරය ය. ආරක්ෂක අමාත්‍යාංශයට ලැඛෙන සැළකිල්ල මේ රටේ දරුවන් ගේ අධ්‍යාපනයට ලබා නොදෙන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ නොදන්නා කමට නොවේ. එනිසා මේ '' ලකුණු සම්බන්ධ ආරවුල හුදෙක් පරිපාලනමය ගැට`ඵවක් ලෙස ලිහා ගැනීමට නොහැක. එය මෙවරට පමණක් මේ රටේ ලක්ෂ 03 ට ආසන්න, ඔවුන් ගේ මව් පියන් ලක්ෂ 06 ට ආසන්න සාමාන්‍ය සමාජයේ ජනතාවට බරපතල ලෙස බලපාන්නා වූ ගැට`ඵවකි. ලබන අගෝස්තු උසස් පෙළ විභාගයට පෙනී සිටින තවත් ළමුන් ලක්ෂ 03 ගේ පමණ විශ්වාසය හා ධෛර්ය කේඩෑරි කර දමන ගැට`ඵවකි.
දැනට පෙනෙන හැටියට, මේ රාජපක්ෂ ආණ්ඩුවට නීතිය බිඳ දැමීමේ සිට විශ්ව විද්‍යාල, සේවක වැටුප්, උසස් පෙළ විභාග ්‍යන කිසිදු අර්බූදයකට විසඳුම් නැත. මේ කිසිවකට දුර දිග යන විසඳුම් තබා ආසන්න වශයෙන් පිළිගත හැකි තාවකාලික විසඳුම් හෝ නැත. එනිසා රාජපක්ෂ ආණ්ඩුවට සිදු වන්නේ දකුණේ ඔවුන් ගේ සිංහල පදනම ද බැටන් පොල්ලෙන් - කඳු`ඵ ගෑස් වලින් එහා යන මර්දනයකට යටත් කිරීමට ය. නීතියක් නැති මර්දනයකට සමාජය හසු කර තබන්නට ය.
එවැනි මර්දනයක් කෙමෙන් හදන්නට දරණ උත්සාහයක් ද දකින්නට ඇත. දැන් ජ.වි.පෙ ඛෙදීම රාජපක්ෂ-ලා ඔවුන් ගේ මර්දනය සාධාරණය කර ගැනීම වෙනුවෙන් යොදා ගැනීමට හදන්නේ මේ විසම්මුතිවාදී කණ්ඩායම හා එල්.ටී.ටී.ඊය හවුල් යැයි සැක කිරීමෙනි. ඔවුන් නැවත කැරළි ගැසීමේ දේශපාලනයකට නැඹුරු විය හැකි යැයි ද ප්‍රකාශ කරති. 'කුමාර මහත්තයා'' යැයි ගුප්ත චරිතයක් විටින් විට මාධ්‍යන් ගෙන් ඔසවා තැඛෙන්නේ ද ඒ වෙනුවෙනි. එල්.ටී.ටී.ඊ මුදල් වලින් මේ ජ.වි.පෙ විසම්මුතිවාදී කණ්ඩායම ඔවුන් ගේ ප්‍රචාරාත්මක වැඩ කරන්නේ යැයි චෝදනා ද නගන්්නේ ය. දකුණේ එල්.ටී.ටී.ඊය හා සම්බන්ධ කැරළිකාර දේශපාලනයක් ඇති විය හැකි යැයි සිංහල ජනතාව අතර බියක් ඇති කිරීම, රාජපක්ෂ පාලනයේ මේ ප්‍රචාරයන් ගේ අරමුණ ය.
එය කිරීමට නම්, මීට අවුරුදු දෙකහමාරකට කලින් මු`ඵමනින් අවසන් කළේ යැයි ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණ ලොවටම ප්‍රකාශ කළ එල්.ටී.ටී.ඊය, තවමත් ඉන්නවා යැයි කිව යුතු ය. එය ද දැන් රාජපක්ෂ-ලා කියති. ඉතිරිව සැ`ගව ඉන්නා, හරියාකාර පුනරුත්ථාපනය නොවුනු හා එල්.ටී.ටී.ඊ මතයේ තවමත් රැඳී ඉන්නා පිරිස් විදේශගත එල්.ටී.ටී.ඊ හිතවාදී දෙමළ කණ්ඩායම් විසින් නැවත ගොනු කිරීමේ අවධානමක් ඇතැයි ගෝඨාභය රාජපක්ෂ දැන් කියන්නේ ය. එනිසා ආරක්ෂක හමුදා රට තුල කෙසේ රඳවා තැබිය යුතු ද යන්න තීන්දු කරන්නේ රාජපක්ෂ පාලනය බව ද ඔහු කියන්නේ ය.
විපක්ෂය අළසව නිදා ගන්නා තාක් කල් සිංහල සමාජයේ මතු වන විරෝධතා පළමු වටයේ දී පොලීසි හමුදා යොදවා මර්දනය කළ හැකි ය. හෙමින් සීරුවේ කි්‍රයාකාරීන් අතුරුදහන් කිරීමෙන් පාලනය කළ හැකි ය. පසු ගිය 88 - 90 යුගයේ ජ.වි.පෙ දියත් කළ අමන කැරැල්ලක් වැනි අර්බූද එළෙසින් පාලනය කර ගත හැකි ය. එහෙත් මේ මෝදු වන්නේ එවැනි විරෝධතා නොවේ. මේ මෝදු වන්නේ කාර්යාල වැඩ පල වැනි ආයතන වල රැකියා කරන, සංවිධිත කම්කරුවන්ගේ ප්‍රසිද්ධ විරෝධයන් ය. සිසු සිසුවියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ ය. මේ මතු වන්නේ සාමාන්‍ය දෙමාපියන් ගේ නිදහස් විරෝධයන් ය. එනිසා අද රාජපක්ෂ පාලනය, එදා ප්‍රේමදාස ආණ්ඩුවට වඩා අසරණ තත්ත්වයකට පත් වීමේ සියලූ හැඩ තල මෝරන බවක් දකින්නට ඇත.
මෙය ''සාක් වසන්තය''නම් නොවේ. එහෙත් මේ ඉරි තැලීම්, හෙට ගැන අලූත් බලාපොරොත්තු ඇති කරන්නේ නම්, එය ලිබියාවේ වැනි උන්මත්තක සිහින වීමේ ඉඩ කඩ නැතුවා නොවේ.


Source: lankanewsweb.com

Share this article with your friends