Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

මාමයිට් බෝතලයෙන් ඇරඹුණු දිවි සුරකින විප්ලවය - නාලක ගුණවර්ධන


විසඳන්නට කැපවෙනවා නම් අපේ වැනි රටවල බොහෝ දෙනෙකුට දිනපතා බලපාන ගැටලූ හා ප්‍රශ්න කෙතරම් තිඛෙනවා ද? එහෙත් එයට ඉදිරිපත් වන්නේ කී දෙනාද?

පසුගිය දෙසතිය පුරා මේ කොලමින් මා සම්පිණ්ඩනය කළේ නව නිපැයුම් කරන්නට යොමු වන, අසම්මත විදියට හිතන මානවයන්ට ඉතිරිව තිඛෙන තාක්ෂණික, සමාජයීය හා වෙළෙඳපොළ අභියෝග ගැනයි. ඒ සඳහා මා පාදක කරගත්තේ ඉන්දියාවෙන් පැමිණ මෙරට නව නිපැයුම්කරුවන්ට උපදෙස් හා දිරිගැන්වීම් ලබා දුන් ආචාර්ය අනිල් කුමාර් ගුප්තගේ අදහස්.


ආචාර්ය ගුප්ත 2011 දෙසැම්බරයේ කොළඹ කළ දේශනයේදී හුවා දැක්වූ එක් ශ්‍රී ලාංකික නව නිපයුමක් ගැන මා ද දිගු කලෙක සිට අවධානයෙන් සිටිනවා. ඒ තමයි 'සුදීප' ආරක්ෂිත කුප්පි ලාම්පුව. එහි නිර්මාතෘ හා ප්‍රවර්ධකයා ශල්‍ය වෛද්‍ය විශේෂඥ විද්‍යාජ්‍යොති විජය ගොඩකුඹුර. 1964දී වෛද්‍යවරයකු ලෙස රාජ්‍ය සෞඛ්‍ය සේවයට එක් වී 1970 දශකය මුල බි්‍රතාන්‍යයේ විශේෂඥ පුහුණුව ලද ඔහු, පිලිස්සුම් අනතුරු වැළැක්වීම හා ඒවාට ප්‍රතිකාර කිරීම ගැන ලොව පිළිගත් විද්වතෙක්. ලෝක සෞඛ්‍ය සංවිධානය හා විදෙස් රටවල් ඔහුගෙන් උපදෙස් ලබා ගන්නවා. ඔහුගේ ලොකු ම සමාජ මෙහෙවර 1992 දී ඇරඹී අද දක්වා කර ගෙන එන ආරක්ෂිත කුප්පි ලාම්පු ප්‍රචලිත කිරීමේ ව්‍යාපාරයයි. රූපවාහිනියෙන් මේ මාසයේ සිට මා ඉදිරිපත් කරන නව නිපැයුම් පිළිබඳ වැඩසටහන් මාලාවේ මුල් ම වැඩසටහනෙන් මා ඔහු සමඟ සම්මුඛ සාකච්ඡාවක් කළා.
ඕනෑම වීදුරු බෝතලයකට මූඩියක් හා තිරයක් සවි කිරීමෙන් කුප්පි ලාම්පුවක් තනාගත හැකියැ'යි සිතීම වරදක්. වරදේ බරපතළකම තේරුම් යන්නේ කුප්පි ලාම්පුව පෙරළුණු විටයි. කොයිතරම් ප්‍රවේශමෙන් ක්‍රියා කළත් නිතිපතා පාවිච්චියේ දී ලාම්පු අහම්ඛෙන් පෙරළීමට ඉඩක් තිඛෙනවා. එසේ පෙරළීමේදී වීදුරු නොබිදීවුවත් ඇතුළේ තිඛෙන භූමිතෙල් ඉවත විසිර ගොස් ඒ සැණින් අවට තිඛෙන දෙයට ගිනි අවුළුවන්නට හැකියි. ගෙදර දොරේ කුප්පි ලාම්පු අනතුරු බහුතරයක් සිදු වන්නේ මේ අන්දමින්.
ලාම්පු එළියෙන් පාඩම් කරන දරුවන් හා කෑම පිසින ගෘහනීයන් වඩාත් ම මේ අන්තරායට මුුහුණ දෙනවා. ගෙයක් තුළ බලාපොරොත්තු නැති විටෙක හට ගන්නා එබඳු ගින්නක් සිරුරට පැතිරීමෙන් බරපතළ පිලිස්සුම් තුවාල ලබන සැලකිය යුතු සංඛ්‍යාවක් වාර්ෂිකව රෝහල්ගත වනවා. වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් ඇතැම් දෙනකුගේ ජීවිත බේරා ගත්ත ද දිවි ඇති තෙක් පිලිස්සුම් කැළැල් ඉතිරි වනවා.
සමාජ ආර්ථීක සංවර්ධනය පැත්තෙන් බැලූවොත් මිනිසුන් කුප්පි ලාම්පු භාවිත කරන්නේ විදුලි බලය තම ප්‍රදේශයට තවමත් ලැබී නොතිබීම හෝ විදුලි බලය ලබා ගන්නට තරම් වත්කමක් නැතිවීම හෝ නිසා විය හැකියි. විදුලිය ඇති නිවෙස්වලත් විදුලිය විසන්දි වූ විට ඉටිපන්දම් හා කුප්පි ලාම්පු යොදා ගන්නවා.
'කුප්පි ලාම්පු භාවිත කරන්නන් බහුතරයක් දුගී ජනයායි. ඔවුන් දිනපතා මුහුණ දෙන අවදානම ගැන විද්‍යාඥයන්ගේ හා සමාජයේ අනෙක් අයගේ ප්‍රබල හැඟීමක් තිබුණේ නැහැ.'වෛද්‍ය ගොඩකුඹුර සිහිපත් කරනවා.
පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කැරෙන රෝගීන් හා ඔවුන්ගේ පවුල්වල උදවිය විඳින වේදනාව හා සිත් තැවුල ගැන වෛද්‍ය ගොඩකුඹුර හොඳින් දන්නවා.
පිලිස්සුම් රෝගීන්ට දිගට ම ප්‍රතිකාර කිරීමෙන් කම්පාවටත්, විඩාවටත් පත් වූ ඔහු අනතුරට නියමිත වූ කුප්පි ලාම්පු රෝගීන්ගේ පවුලේ සාමාජිකයන් හරහා ගෙන්වා ගෙන පරීක්ෂා කළා. අවිහිංසක පෙනුමක් ඇත්ත මේ ලාම්පු බහුතරයක් භයානක අනතුරු ඇති කිරීමේ හැකියාවකින් යුක්ත බව ඔහු තේරුම් ගත්තා.
බොහෝ අනතුරුවලට හේතුව ප්‍රමිතියකින් තොරව නිපදවා වෙෙඳපොළේ තිඛෙන අනාරක්ෂිත කුප්පි ලාම්පුයි. ඒවා පෙරැළීමට තිඛෙන හැකියාව වැඩියි. එමෙන් ම පෙරැළුණු විගස ඇතුළත් ඇති භූමිතෙල් අවට හැම තැනෙක ම විසිර යනවා. මේ සාධක දෙක පාලනය කළොත් අනතුරු අවම කළ හැකි බව වෛද්‍ය ගොඩකුඹුර වටහා ගත්තා. භූමිතෙල් සිරුරට වැටීමෙන් හට ගන්නා ගින්නක් ලෙහෙසියෙන් නිවා ගන්නටත් බැහැ. එයට විනාඩි ගණනක් ගත වනවා. ඒ කාලය තුළ ගිනි ගත් දරුවා හෝ වැඩිහිටියා හෝ දරුණු පිලිස්සීමකට ලක්වීමට හැකියි.
ලාංකිකයන් සිය ගණනකගේ ජීවිත අඳුරු කරන, හානි කරන මේ අනතුරු වළක්වා ගැනීමට නම් ගිනිගැනීමේ හැකියාව අවම කළ කුප්පි ලාම්පු භාවිතයට යොමු විය යුතු බව ඔහු තේරුම් ගත්තා. වඩාත් ආරක්ෂිත ලාම්පු සැලසුමක් යෝජනා කරනමෙන් ඔහු ජනතාවට විවෘත ඇරයුමක්ද කළා. එහෙත් එයට ප්‍රතිචාර ලෙස ලැබුණු බොහෝ සැලසුම් එක්කෝ සංකීර්ණ වැඩියි. නැතිනම් නිපදවීමේ වියදම අධිකයි.
දිගු කලක් සිට අපේ රටේ ප්‍රචලිත මාමයිට් ඛෙදා හරින්නේ එයට ම ආවේණික වු බෝතලයක. එය ලෙහෙසියෙන් පෙරළන්නට බැහැ. කුප්පි ලාම්පුවක් ආරක්ෂිතවීමට එයට මාමයිට් බෝතලයේ හැඩය ඉතා සුදුසු බව වෛද්‍ය ගොඩකුඹුර තීරණය කළා. හැඩයට අමතරව කුප්පි ලාම්පුවේ මුදුනට හොඳට තද කළ හැකි ස්කුරුප්පු ආකාරයේ මුඩියක් ද ඔහු යොදා ගත්තා. මේ අත්හදා බැලීම්වල අවසන් ප්‍රතිඵලය තමයි සුදීප ආරක්ෂිත කුප්පි ලාම්පුව.
සුදීප ලාම්පුවේ බෝතලය බර වැඩි මහත හා මිටි බැවින් ලෙහෙසියෙන් පෙරැළෙන්නේ නැහැ. පැතලි මතුපිටවල් දෙකක් තිඛෙන නිසා පෙරැළුණත් රෝල් වී යන්නේ නැහැ. මනා සේ තද කරන ලද මූඩිය නිසා ඇතුළත තිඛෙන භූමිතෙල් අවට විසිරෙන්නේත් නැහැ. ආයාසයකින් පෙරැළුවත් අහම්ඛෙන් ගිනි ඇති කිරීමට ඇති හැකියාව විශාල වශයෙන් අඩු වනවා. එමෙන් ම සියුම් කොටස් නැති නිසා වසර ගණනාවක් පාවිච්චි කළ හැකියි.
පවතින සමාජ තත්ත්වයක් ගැන කම්පාවට පත් වූ මේ නිපැයුම්කරුවා එයට සරල තාක්ෂණික විසඳුමක් සොයා ගත්තා පමණක් නොවෙයි. එය ලක් සමාජයට හඳුන්වාදී ප්‍රචලිත කරන්නට වසර 20ක කාලයක් මහත් සේ කැප වී සිටිනවා. මා ෙවෛද්‍ය ගොඩකුඹුර තුළ දකින සුවිශේෂත්වයක් එයයි.
සුදීප ලාම්පුව මහාපරිමාණයෙන් තැනීමට වීදුරු කර්මාන්ත ශාලාවක් එකඟ වුණා. ශ්‍රී ලංකා වෛද්‍ය ආයතනය, ශෛල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය හා පිළිස්සුම් අනතුරු වැළැක්වීමේ ජාතික කමිටුව යන හැමගේ ආශිර්වාදය ඇතිව එය හඳුන්වා දුන්නේ 1992 දී. නිෂ්පාදන වියදම හැකි තාක් අවම කරගෙන අඩු මිලකට සුදීප ලාම්පු වෙළෙඳපොළට ගෙන ආවා.
එය ජනප්‍රිය කිරීමට මාධ්‍ය හා ස්වේච්ඡා සංවිධාන හරහා වෛද්‍ය ගොඩකුඹුර ජාතික මට්ටමේ ව්‍යායාමයක නිරත වුණා. තමන්ට ඇති විවේක කාලවල ස්වේච්ඡාවෙන් ක්‍රියාකරමින් සුදීප ලාම්පු ගැන දැනුවත් කරන්නට සිංහ සමාජ, රොටරි සමාජ, සර්වෝදය හා වෙනත් ජනතා සංවිධාන සමඟ සහයෝගයෙන් ඔහු ක්‍රියා කළ හැටි මා දන්නවා.
1990 දශකය පුරා වෛද්‍ය ගොඩකුඹුර මේ දැනුවත් කිරීම් හා සුදීප ලාම්පු ප්‍රවර්ධනය කර ගෙන ගියා. එහි වැදගත්කම ගැන හැම දෙනා ම පිළිගත්තත් එයට බරපැන දැරීමට පෙරට ආවේ ටික දෙනයි. 1993 දී කැනේඩියානු තානාපති කාර්යාලය ඔහුට ආධාර කළ අතර මේ සද්කාර්යය ගැන මාධ්‍ය හරහා දැන ගත් ආචාර්ය ආතර් සී ක්ලාක් ද පරිත්‍යාගයක් කළා.
සුදීප ලාම්පුවේ තීරණාත්මක කඩඉම වූයේ 1998 දී රෝලෙක්ස් ජාත්‍යන්තර සම්මානය :ඍදකැං Aඅ්රා දෙර ෑබඑැරචරසිැ- පිරිනැමීමයි. නව අදහස් හා නිපැයුම් හරහා ජන සමාජයට අසාමාන්‍ය දායකත්වයක් දෙන ව්‍යාපෘති පහක් තෝරා දෙවසරකට වරක් පිරිනම මේ ත්‍යාගය නිසා සුදීප ලාම්පුව හා වෛද්‍ය ගොඩකුඹුර ලෝක අවධානයට ලක්වුණා.
එම ත්‍යාගයෙන් ලද ඇමරිකානු ඩොලර් 50,000 යොදවා ආරක්ෂිත කුප්පි ලාම්පු පදනම නමින් ස්වේච්ඡා සංවිධානයක් ඔහු පිහිට වූවා. එදා මෙදා තුර ජාත්‍යන්තර සම්මාන, ත්‍යාග හා පිළිගැනීම් රැසක් මේ නිපැයුමට ලැබී තිඛෙනවා. ක‍භභග ඍැ්ාැර.ි ෘසටැිඑල භැඅිඇැන හා ඊඊජ- ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය මේ නිර්මාණය ගැන ප්‍රශංසාත්මකව වාර්තා කොට තිඛෙනවා.
එක නිවෙසකට කුප්පි ලාම්පු දෙකක්වත් අවශ්‍ය වන බැවින් දිවයින පුරා අඩු තරමින් කුප්පිලාම්පු ලක්ෂ 14ක් පාවිච්චි වන බවට අපට අනුමාන කළ හැකියි. 1992 සිට අද දක්වා සුදීප කුප්පි ලාම්පු ලක්ෂ 8ක් පමණ ඛෙදාහැර තිඛෙනවා. එයින් බහුතරයක් තවමත් භාවිතයේ ඇතැ'යි සිතුවත් ඉතිරිය සඳහා යොදා ගැනේනනේ මරු කැඳවිය හැකි අනාරක්ෂිත ලාම්පුයි.
මුල් වසර කිහිපයේ සුදීප ලාම්පුව සහනදායී මිලකට විවෘත වෙළෙඳපොළේ අලෙවි කරනු ලැබුවා. එහෙත් වාණිිජමය මට්මින් සම්බන්ධීකරණය ස්වේච්ඡා ආයතනයකට දිගටම කළ නොහැකි වූ නිසා මෑත වසරකට වෛද්‍ය ගොඩකුඹුරගේ පිළිවෙත වී ඇත්තේ නොමිලයේ සුදීප ලාම්පු ඛෙදාදීමයි. එහිදී නිපදවීමේ වියදම දානපතීන්ගේ හා අනුග්‍රාහකයන්ගෙන් පියවා ගන්නවා. රාජගිරියේ පවත්වා ගෙන යන කුඩා කාර්යාලයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාර්ෂිකව ප්‍රතිපාදනයක් ලැඛෙනවා.
මෑතක පටන් සමෘද්ධි ඡාලයෙන් හරහා සුදීප ලාම්පු ඛෙදාහැරීමට එකඟතාවක් ඇති කරගෙන තිඛෙනවා. උතුරු නැගෙනහිර පළාත්වල සුදීප ලාම්පු නොමිලයේ ඛෙදා දෙන්නට ආරක්ෂක හමුදාවල සහය ලැබුණු බව වෛද්‍ය ගොඩකුඹුර කියනවා. මෙකී නොකී සැමගේ උදවු උපකාර ගැන ඔහු කථා කරන්නේ මහත් කෘතඥපූර්වකවයි.
වෛද්‍ය ගොඩකුඹුරගේ අනේක සුවිශේෂ දායකත්වය නම් පිළිස්සුම් අනතුරු වළක්වා ගැනීම සඳහා දිගු කලක් තිස්සේ ඔහු ස්වෙච්ඡාවෙන් කරන දැනුවත් කිරීම් මාලාවයි.
දීප ව්‍යාපත්ව නමුත් තනි තනිව හට ගන්නා පිලිස්සුම් අනතුරුවලින් වාර්ෂිකව මෙතරම් දෙනකුට හානිි සිදුවන බව බොහෝ මාධ්‍යවේදීන් හා වෛද්‍යවරුන් පවා ඒ දක්වා වටහා ගෙන තිබුණේ නැහැ. එමෙන්ම භූමිතෙල් නිසා හට ගන්නා ගිනි නිවන ක්‍රම හා වහා දිය යුතු ප්‍රථමාධාර ගැනත් ඔහු ජනතාව දැැනුවත් කළා.
රාජ්‍ය හෝ විද්වත් ආයතනික තන්ත්‍රයකින් සිදුවිය යුතු මේ කාර්යය තවමත් ඔහු නිහ~ව කරගෙන යනවා. පොදු උන්නතියට කැප වූ වෘත්තියකුට වෙළෙඳපොලෙ සමාජය තුළ වුවද කළ හැකි සමාජ මෙහෙවර ගැන ඔහුගේ කථාවෙන් ඕනෑතරම් ආදර්ශ ගත හැකියි.
zපිලිස්සුම් අනතුරු ගැන ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ හා සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ අවධානය යොමු වනවා මදි. තවමත් බොහෝ සේ තැත් කරන්නේ බෝවන හා බෝ නොවන රෝගවලට ප්‍රතිකාර කරන්නයි. අනතුරු ගත්ත ද රිය අනතුරුවලට ලැඛෙන මාධ්‍ය අවධානය පිලිස්සුම්වලට ලැඛෙන්නේ නැහැ. ඔහු කියනවා
සුදීප කුප්පි ලාම්පු ගෙවී ගිය දශක දෙක තුළ කෙපමණ ජීවිත ගණනක් බේරා දී ඇත් දැ'යි මා ඔහුගෙන් ඇසුවා. ඒ ගණන ඔහු දන්නේ නැහැ. එය සිය ගණනක් බවට අපට අනුමාන කළ හැකියි. දියේ ගිලීම පිළිබඳව මහජන අවධානය හා දැනුවත් කිරීමේ වැඩ සටහනකට ද මේ දිනවල වෛද්‍ය ගොඩකුඹුර ප්‍රවේශ වී සිටිනවා.
අපේ රටට තව ඕනෑ කරන්නේ තම දැනුම හා අත්දැකීම පදනම් කර ගනිමින් රටේ ප්‍රශ්නවලට හැකි පමණනින් විසඳුම් සොයා යන මෙවන් විද්වතුන්.

Share this article with your friends