Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

‘විළුදු’ ප‍්‍රවර්ධන කාර්යාලයට පහරදීම හා එහි සැඟවී තිබෙන සැබෑ කරුණු


කොළඹ 7 ටොරිංටන් මාවතේ අංක 3හි පිහිටි ‘විළුදු’ ප‍්‍රවර්ධන මධ්‍යස්ථානයට එල්ලවූ ප‍්‍රහාරයට  ශ‍්‍රී ලංකා හමුදා බුද්ධි අංශ අතර සමිබන්ධයක් ඇතයි ග්ලෝබල් පුවත් බුද්ධි අංශයේ වාර්තාකරු තහවරු කරයි.
ආරක්‍ෂක අංශය සමග සමබන්ධකම් පවත්වාගෙන යන නිළධාරයකු ග්ලෝබල් පුවත් වාර්තාකරු සමග සාකච්ඡා කිරීමේදී මෙම ප‍්‍රහාරය ආරක්‍ෂක ලේකම් ගොඨාභය රාජපක්‍ෂ මහතාගේ සෘජු නියෝගය මත සිඳුවූ ප‍්‍රහාරයක් බව පැහැදිළිව වටහාගත හැකියැයි පවසා තිබේ. ‘විළුදු’ ප‍්‍රවර්ධන මධ්‍යස්ථානය ටොරිංටන් අධි ආරක්‍ෂක කලාපය තුල පිහිටා තිබේ. මෙයට අමතරව එම ‘විළුදු’ ප‍්‍රවර්ධන මධ්‍යස්ථානය පිහිටා තිබෙන ඉඩමට පසුපස මායිමයෙහි ආරක්‍ෂක ලේකම් ගොඨබයට රාජපක්‍ෂ මහතාට අයත් ඉඩමක්ද තිබේ.

එම කාර්යාලයට යාබදව කැනේඩියානු තානාපති නිළ නිවස - නෙදර්ලන්ත තානාපති කාර්යාලයට - ඉන්දුනිසියානු තානාපති කාර්යාලය - යුරෝපිය සංගමයේ ශ‍්‍රී ලංකාන නියෝජිතවරයාගේ නිළ නිවසද එම මාර්ගයෙන් එපිට ශ‍්‍රී ලංකා රුපවාහිනි සංස්ථාව ද එයට  මීටර 200ක දුරින් බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත‍්‍රණ ශාලාව වැනි වැදගත් ස්ථාන රැසක්ද පිහිටා තිබේ.

මෙයට අමතරව එම ‘විළුදු’ ප‍්‍රවර්ධන මධ්‍යස්ථානය පිහිටා තිබෙන ඉඩමට පසුපස මායිමයෙහි ආරක්‍ෂක ලේකම් ගොඨාබයට රාජපක්‍ෂ මහතාට අයත් ඉඩමක්ද තිබේ. එම ඉඩමේ ආරක්‍ෂාව සදහා පැය 24ක් පුරා ආරක්‍ෂක සෙබළෙකු මුරකරමින් සිටියි.

‘විළුදු’ ප‍්‍රවර්ධන මධ්‍යස්ථානයට පහරදීමට පැමිණි පිරිස එහි ඉදිරිපස ගේට්ටුවෙන් ඇතුල්වී නොමැත. එලෙස ඇතුල්වන්නේ නම් තානාපති කාර්යාලවල සවිකර තිබෙන ආරක්‍ෂක කැමැරාවල හසුවීමට ඉඩ තිබේ. තව එම ප‍්‍රදේශයේ පිහිටි තානාපති කාර්යාලයන් හා තානාපති නිළ නිවස්වලට ආරක්‍ෂාව සලාසාදීම සදහා පැය 24ක් පුරාවම පොලීස් ආරක්‍ෂාව ලබා දී තිබේ.

එමෙන් ඉදිරිපස ගේට්ටුවෙන් පැමිණ පහරදීමෙන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය හැකි නිසා එම නාදුනන කණ්ඩායම පසුපස දොරටුවෙන්  ‘විළුදු’ ප‍්‍රවර්ධන මධ්‍යස්ථානයතුලට රිංගා තිබේ. එම  ‘විළුදු’ ප‍්‍රවර්ධන මධ්‍යස්ථානයට පසුපසින් තිබෙන්නේ දැඩි ආරක්‍ෂක රැකවල් සමග පිහිටි ආරක්‍ෂක ලේකම්ගේ ඉඩමය. එමෙන් ආරක්‍ෂක ලේකම්වරයාගේ ඉඩම හරහා පැමිණි නාදුනන මැර පිරිස එම මධ්‍යස්ථානය සෝදිසිකර තර්ජනයකර තිබේ.

මෙම තර්ජනයෙහි සැබෑ ස්වරූපය කුමක්ද? මෙහි ආරක්‍ෂක ලේකම්ට තිබෙන සමිබන්ධකම කුමක්ද?

එම ‘විළුදු’ ප‍්‍රවර්ධන මධ්‍යස්ථානය පිහිටි නිවස දැනට ඔස්ටේ‍්‍රලියාවේ සිටින යාපනයේ කාන්තාවකගේ නිවසකි. ඉතා අලංකාර විශාල හා වටිනා එම නිවස එහි පසුපස මායිමයෙහි තිබෙන ගෝඨාභය රාපක්ෂගේ ඉඩම සමග යාකර තම අඩස්සියට ගෙනඒම මෙම ප‍්‍රහාරයේ අරමුණ වී තිබේ.  විදෙස් තානාපතිවරුන් හා තානාපති කාර්යාලයන්ද පිහිටා තිබෙන එම ප‍්‍රදේශයේ මෙම නිවස හා තම ඉඩම යාකර එහි නව ගොඩනැගිල්ලක් ඉදිකර එමගින් අධික ආදායමක් උපයාගැනීම මෙහි අරමුණ වී තිබේ. ‘විළුදු’ ප‍්‍රවර්ධන මධ්‍යස්ථානය වසාදමා එයට ආරක්‍ෂක කරුණු කාරණා දී  එය වෙනත් කිසිවකුට කුලියට නොදීම වලක්වා එම නිවසේ අයිතිකරුවන දෙමළ ජාතිකයාට තර්ජනයකර බලපෑම්කර එම ඉඩම හා නිවස සිය භාරයට ලබාගැනීම මෙම ප‍්‍රහාරයේ ප‍්‍රධාන අරමුණවී තිබේ.

‘විළුදු’ ප‍්‍රවර්ධන මධ්‍යස්ථානයේ කටයුතු අඩපණ කිරීමද ප‍්‍රහාරයේ එක් අරමුණක් වී තිබේ.

බටහිර රාජ්‍ය නොවන සංවිධානවල මුදල් ආධාර මත ‘විළුදු’ ප‍්‍රවර්ධන මධ්‍යස්ථානය විසින් උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල වැඩ පිළිවෙල් රැසක් දියත්කර තිබේ. විශේෂයෙන් යුද්ධයෙන් පීඩාවට පත්වූ කාන්තාවන් හා දරුවන්ට සමාජ සත්කරා වැඩසටහන් රැසක් ‘විළුදු’ ප‍්‍රවර්ධන මධ්‍යස්ථානය විසින් පවත්වාගෙන යමින් තිබේ.

දෙමළ මාධ්‍යවේදීන් සංගමය සදහා මුදල් ආධාර මාධ්‍ය පුහුණු වැඩසටහන් හා ඇතැම් ප‍්‍රකාශනයන්ද ‘විළුදු’ ප‍්‍රවර්ධන මධ්‍යස්ථානය විසින් පවත්වාගෙන යමින් තිබේ. බටහිර රාජ්‍ය නොවන සංවිධානවල ක‍්‍රියාකාරකම් ගැන ගොඨබය රාජපක්‍ෂ ඇතු`එ සිංහල මූලධර්මවාදීන් අතර පවතින පැහැදිළි විරෝධතාවය මෙහිදී ද දක්නට ලැබේ.

මෙම කොළඹ 7 පෙදෙසෙහි  අධික ආරක්‍ෂාව අවශ්‍ය උසස් නිළධාරීන් වාසස්ථාන මෙන්ම සිංහල ඉහළ පෙළේ  පුද්ගලයන්ගේ නිවාස කාර්්‍යාලද පිහිටා තිබේ. මෙම ප‍්‍රදේශයේ දෙමළ ජනතාවට අයිති ඉඩම් - නිවාස - කාර්‍යාලයන් පිහිටා තිබීම දිගුකාලීන ආරක්‍ෂාවට නොසුදුසු බවට ශ‍්‍රී ලංකා ආරක්‍ෂක අංශය හා බුද්ධි  අංශය මීට පෙරදීම තීරණයකර තිබේ. එම නිසා මෙම අධි ආරක්‍ෂක කලාපයතුල පිහිටා තිබෙන දෙමළ ජනතාවට අයත් ඉඩමි හා නිවාස හැකි පමණින් ආක‍්‍රමණය කළ යුතුයි යන රහසිගත කුමන්ත‍්‍රණයක්ද තිබෙන බවට වාර්තා වේ. කොළඹ 7 ඇතු`එ වැදගත් කෙන්ද්‍ර ස්ථානවල දෙමළ ජනතාවන් ඉඩම් මිලදී ගැනීමට හෝ කාර්්‍යාලයන් පවත්වාගෙන යෑමට ආරක්‍ෂක අංශය විසින් දැඩි නීති පැනවීමට ආරම්භකර ඇතැයි දැනගන්නට ලැබේ.

ඉහත සදහන්කළ කරුණුවල ප‍්‍රතිචාරයක් ලෙස කොඹළ 7 පිහිටි ‘විළුදු’ ප‍්‍රවර්ධන මධ්‍යස්ථාන ප‍්‍රහාරය දැකිය හැකියැයි ග්ලෝබල් පුවත් වාර්තාකරු තහවුරු කරයි.

කෙසේ වෙතත් මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් ‘විළුදු’ ප‍්‍රවර්ධන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්‍ෂිකාව ඇමතූ අවස්ථාවේහි එහි මායිම් ඉඩම ලෙස ආරක්‍ෂක ලේකම්ගේ ඉඩම තිබීම ගැනද තමන් මඩකළපුවෙහි සිටිය දී  සිදුවූ එම ප‍්‍රහාරය සම්බන්ධයෙන්ද තමන් කිසිවක් නොදන්නා බවත් පවසා සිටියේය.

- ග්ලෝබල් ටැමිල් නිවිස් බුද්ධි  අංශ වාර්තාකරු විසිනි
zú¿ÿZ m%j¾Ok ldraHdh,g myr§u yd tys ie`.ù ;sfnk ienE lreKq - .af,dan,a geñ,a ksúia nqoaê  wxY jd¾;dl




Source: lankanewsweb.com

Share this article with your friends