Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

වීරකුමාර දිසානායක සම්ප‍්‍රදායික කර්මාන්ත අතහැර කුඩා ව්‍යවසායකයකට අතගසයි


සම්ප‍්‍රදායික කර්මාන්ත සහ කුඩා ව්‍යාවසාය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා මේ දිනවල තම අමාත්‍යාංශ නිලබලය යොදාගනිමින් පවත්වාගෙන යනු ලබන කුඩා ව්‍යවසායක් පිළිබදව අප වෙත වාර්තා වේ.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ගම්පලාතේ සිට ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සේවයකල දැකුම්කලූ යුවතියක් තම රාජකාරී කටයුත්තක් සඳහා උදව්වක් ලබාගැනීමට නියෝජ්‍ය අමාත්‍යවරයා මුණගැසී තිබේ. පළමු දැකුමෙන්ම ඇය පිළිබදව තුටුපහටු වූ අමාත්‍යවරයා, ඇය ශ‍්‍රී ලංකා යුද හමුදාවෙන් ඉවත්වන්නේනම් තමන්ගේ පෞද්ගලික ලේකම් පදවියක් පිරිනැමිය හැකි යැයි පවසා ඇති අතර ඇයද එකෙනෙහිම නියෝජ්‍ය ඇමතිවරයාගේ යෝජනාව පිලිගෙන තිබේ.

මෙම යුවතිය සම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය නියෝජ්‍ය ඇමතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට එකතුවන්නේ ඒ ආකාරයටය. ඇය කොතරම් කාර්යක්ෂමකව තම රාජකාරිය ඉටුකලේද යත්, තුටුපහටු සිත් ඇති නියෝජ්‍ය අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 115 කට බත්තරමුල්ලේ අකුරේගොඩ පිහිටි නිවසක් ඇයගේ නමින් මිලදී ගෙනදෙයි.

එම බත්තරමුල්ලේ අකුරේගොඩ පිහිටි නිවසේ මුල් හිමිකරුවන්නේ ‘මැක්ලරන්ස් ෂිපින්’ අයිතිකරුවන රොහාන් සිල්වායි. රොහාන්ගෙන් වීරකුමාර දිසානායක නි. ඇමතිවරයා තම පෞද්ගලික ලේකම්වරිය වෙනුවෙන් මෙම නිවස මිලදීගන්නේ අත්පිට මුදලටය. තම නියෝජ්‍ය ඇමති පදවිය ලැබූ දා සිට මේ දක්වා සමස්ථ වැටුපම ඉතිරි කලද ඇමතිවරයාට මෙවන් මුදලක් ඉතිරි කරගත නොහැක.

මෙසේ අමාත්‍යාංශය තුළ බලවන්තියෙකුවන මෙම පෞද්ගලික ලේකම්වරිය ඇයට පෙර නියෝජ්‍ය ඇමතිවරයාගේ පෞද්ගලික කාර්ය මන්ඩලයේ සිටි අජිත් රෝහන ඇතුලූ ලේකම්වරු පන්නා දමන්නේ නි. ඇමතිවරයාගේද ආශිර්වාදය ඇතිවය. නියෝජ්‍ය ඇමතිවරයාගේ නායකයාවන ඉංජිනේරු හා ඉදිකිරීම් අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවට යන මෙම ලේකම්වරුන් තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කළ පසු වීරවංශ අමාත්‍යවරයා පවසන්නේ ‘‘අනුන්ගේ සතුටට අකුල් නොහෙලා තමන්ගේ වැඩක් බලාගන්නා ලෙසයි.’’

මින් පසුව එම පන්නාදැමූ කාර්ය මණ්ඩලය තම පැමිණිල්ල කිරීමට තෝරාගන්නේ සම්ප‍්‍රදායික කර්මාන්ත සහ කුඩා ව්‍යවසාය අමාත්‍යාංශයේ ලේකම්වරයාය. කලින් දැනුම්දීමකින් තොරව සවස 6 න් පසු ලේකම්වරයාගේ කාර්යාලයට ඇතුලූවන අජිත් රෝහණ ඇතුලූ කාර්ය මන්ඩලයට දකින්නට සිදුවන්නේ පිටතින් පැමිණි කාන්තාවක් සමග අතිකාල සේවයේ යෙදී සිටින අමාත්‍යාංශ ලේකම්වරයාය. නියෝජ්‍ය ඇමතිවරයාගේ ‘ආසාදනය’ අමාත්‍යාංශ ලේකම්වරයාටත් බෝවී ඇති බව කියමින් හිටපු කාර්ය මණ්ඩල නිලධාරීන් කිසිවක් නොදුටුවා සේ ලේකම්වරයාගේ කාමරයෙන් ඉවත්වී යයි.

සම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය පිළිබද අමාත්‍යවරයා වන ඩග්ලස් දේවානන්ද තම නියෝජ්‍ය ඇමතිවරයාට පවසා තිබෙන්නේ ‘‘වීරේ උඹ කොළඹ ඇමති, මම යාපනේ ඇමති, උඹ මගේ වැඩවලට ඇගිලි ගහන්නත් එපා. මම උඹේ ඒවට ඇගිලි ගහන්නෙත් නැහැ.’’ කියාය. එසේ හෙයින් මෙම අමාත්‍යාශයට සිටින්නේ කොළඹ ඇමතිවරයෙක් සහ යාපනයේ ඇමතිවරයෙකි. රුපියල් ලක්ෂ 115කට අත්පිට මුදලට තම ලේකම්වරියට නිවසක් ලබාදීමට තරම් නි. ඇමතිවරයාට ආර්ථික හැකියාවක් ලැබෙන්නේ මෙවැනි පසුබිමක් තුලය.

මෙම සමස්ථ සිදුවීම අප වෙත අනාවරණය කළ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ක‍්‍රියාකාරිකයෙකු සඳහන් කර සිටියේ ‘‘සමාජවාදයේ මුවාවෙන් ජාතික දේශපාලනයට පිවිස එය වෙන්දේසි කොට, තම මජර ආශාවන් සංතෘප්ත කරගන්නා, විමල් වීරවංශ ප‍්‍රමුඛ පොත්තක් ඇති මදයක් නැති දේශපාලන ප‍්‍රවාහයේ සැබෑ යථාර්තය තේරුම්ගැනීමට මෙම සිද්ධිය තවත් එක් නිදසුනක් බවයි’’


Source: lankanewsweb.com

Share this article with your friends