Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

මාව රැකගන්න එක රාජපක්‍ෂලාගේ වගකීමක් - මර්වින්


තමා මෙතක් වැඩකලේ රාජපක්‍ෂවරුන් වෙනුවෙන් නිසා තමාව රැකගැනීම රාජපක්‍ෂවරුන්ගේ විගකීම බව අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
මේ දිනවල මස් මාංශයෙන්, සුරාවෙන් හා ලිංගික ඇසුරෙන් තොරව ආගමානුකූල දිවිපෙවතක් අනුගමනය කරන මර්වින් සිල්වා ඇමතිවරයා පසුගිය දින කිහිපයෙහි කතරගම පූජා නගරයේ ආගමික වතාවත්වල යෙදී සිටියදී තම හිතවතුන් සමග මේ බව ප‍්‍රකාශ කොට ඇත.

වෙනදා ඇමතිවරයා පිරිවරා සිටින ජාවාරම්කාරී සම්බන්ධීකරන ලේකම්වරුන් රටින් පැනගොස් ඇති හෙයින් ‘පොල්ලා’ හෙවත් උපුල් ජයසූරිය සම්බන්ධීකරන ලේකම්වරයා සහ ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකු පමණක් මේ දිනවල ඇමතිවරයාගේ තනිනොතනියට සිටී.

තමා රූපවාහිනියට ගොස් ගැටුමක් ඇතිකර ගත්තේත්, පෑලියගොඩ මත්ස්‍ය වෙළදසැල සම්බන්ධයෙන් රාජිත ඇමතිවරයා සමග ගැටුමක් ඇතිකරගත්තේත් තමා සමීපව ඇසුරු කළ හිටපු ජනාධිපතිනිය, විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ හා මංගල සමරවීර යන පුද්ගලයන්ට බැනවැදුනේත් ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත බව ඇමතිවරයා මෙහිදී පවසා ඇත.

එහෙත් එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් ජනමාධ්‍ය කුමක් පැවසුවද තමාට ගැටලූවක් නොවූයේ, ඒ සෑම අවස්ථාවකදීම ජනාධිපතිවරයා ජනාධිපති සහෝදරයිනුත් තමන් ආරක්‍ෂා කළ නිසා බවද ඇමතිවරයා කෘතවේදීව සිහිපත් කර තිබේ.

රූපවාහිනිය සම්බන්ධයෙන් ගැටලූව මතුවූ අවස්ථාවේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් තමාට එරෙහිව පක්‍ෂයේ මධ්‍යම කාරකසභාවේදී විරෝධය පළකරද්දී, වහාම නැගී සිටි හිටපු අමාත්‍ය දොඩම්ගොඩ මහතා තමා වෙනුවෙන් ඉදිරිපත්වූයේත් ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත බව සිහිපත් කර ඇති මර්වින් සිල්වා ඇමතිවරයා එම අවස්ථාවේදී දොඩංගොඩ ඇමතිවරයා සිහිපත් කොට පිං අනුමෝදනා කර ඇත.

කෙසේ වුවද බැසිල් රාජපක්‍ෂ මහතා තමාවෙනුවෙන් මේ වනවිටත් ඉදිරිපත් වී ඇති බව කියමින් දෙවියන්ට පිං අනුමෝදනා කොට ඇති ඇමතිවරයා ලඟදීම කැලණිය ප‍්‍රාදේශීය සභාපතිවරයා ඇතුලූ මන්ත‍්‍රීවරු පිරිසට ජනාධිපතිවරයා නිසි පාඩමක් උගන්වනු ඇතැයිද සඳහන් කර තිබේ.

කවුරු එරෙහිවුවත් දෙවියන්ගේ බුදුන්ගේ ආශිර්වාදය තමන්ට ඇතැයිද ඇමතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.



Source: lankanewsweb.com

Share this article with your friends