
මර්වින් සිල්වා ඇමතිවරයාට පැහිදිලිව පෙනෙන දඩුවමක් ලබාදීමෙන් ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් විශාල ජනතා ප‍්‍රසාදයක් හිමිවන බව ශ‍්‍රී ල.නි.ප මහලේකම් මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ, භාන්ඩාගාරික ඩලස් අලහප්පෙරුම මහතාගේ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේත් අදහස වුවද ජනාධිපතිවරයා මේ දක්වා එයට යහපත් ප‍්‍රතිචාරයක් දක්වා නොමැත.
ආසන සංවිධායකවරයෙකුට හෝ ඇමතිවරයෙකුට එරෙහිව චෝදනා නගන නගන පරිදි, එකී පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමට ගියහොත් ඉදිරියේදී ආණ්ඩුවේ පැවැත්මටද බරපතල තර්ජනයක් විය හැකි බව ජනාධිපතිවරයාගේ අදහස වී තිබේ.
මර්වින් සිල්වා අමාත්‍යවරයාට දැඩි දඩුවමක් ලබාදුනහොත් එය නරක පූර්වාදර්ශයක් විය හැකි බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා, එවැනි තත්ත්වයක් යටතේ ඉදිරියේදී ඇමතිවරුන්ටත් සංවිධායකවරුන්ටත් එරෙහිව රටපුරා දිගින් දිගටම විරෝධතා ඇතිවීමේ අවදානම පක්‍ෂයේ මහලේකම්වරයාටත්, භාන්ඩාගාරිකවරයාටත් පැහැදිලි කර දී ඇත.
ඒ අනුව මර්වින් සිල්වා ඇමතිවරයාට කෙටිකාලීනව සුලූ දඩුවමක් ලබාදී කැළණිය ප‍්‍රාදේශීය සභාපති ඇතුලූ අනෙකුත් මන්ත‍්‍රීවරුන්ටද දඩුවම් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ශ‍්‍රී ල.නි.ප මහලේකම් අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට වැඩිදුරටත් උපදෙස් දී ඇත.
Source: lankanewsweb.com