Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

ඇමැති ඩග්ලස් මර්වින් රංගනයක: යාපනයේ විදුහල්පතිවරයකුට කළඑළියේම තර්ජනයක්


අමාත්‍ය ඩග්ලස් දේවානන්දා විසින් යාපනයෙහි ප්‍රධාන පාසලක් වන යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට පහරදෙන බවට බොහෝ පිරිසක් ඉදිරියේ තර්ජනය කර ඇතැයි යාපනයෙන් වාර්තා වෙයි.

පෙබරවාරි 6වැනි දින යාපනයට පැමිණීමට නියමිත ජනපති මහින්ද රාජපක‍ෂ මහතාට නාමල් රාජපක‍ෂ මහතා විසින් ඉදිකරන ලදැයි කියන එම විද්‍යාලයේ පිහිනුමි තටාකය විවෘත කිරීමට අවශ්‍ය වී තිබේ. නමුත් පසුගිය වසර පහ පුරා ඉබි ගමනින් සිදුවූ එම පිහිනුමි තටාකයේ වැඩ එය වහාම නිමාකරන්නයි ජනපති විසින් නියෝග කරීමෙන් පසු ඩග්ලස් දේවානන්දා අසීරුවට පත්ව තිබේ.


ජනපතිගේ පැමිණීමට පෙර පාසලේ පැරණි ගොඩනැගිළි සියල්ල කඩා ඉවත්කරන්නයිද අමාත්‍ය ඩග්ලස් දේවානන්දා නියෝගකර තිබේ. නමුත් නිළ දැනුම් දීමක් ලැඛෙනතෙක් පාසලතුල පිහිටි පැරණි ගොඩනැගිළි කඩා ඉවත්කිරීමට විදුහල්පතිවරයාසූදානම් වි නැත. එවිට ''මම අමැතිවරයෙක්, මම කියන දේ නොකළොත් ගුටි කෑමට වේවි''යැයි ප්‍රසිද්ධයේදීම විදුහල්පතිවරයාට බැණ වැදී තිබේ.
ඊපීඩීපී ප්‍රධානීන් සහ පාසැල් කාර්්‍ය මංඩලය ඉදිරියෙහි අමාත්‍යවරයා කළ එම තර්ජනය නිසා අධ්‍යාපන ප්‍රජාව තුල මහත් කම්පනයක් ඇතිකර තිබේ. මෙම තර්ජනයෙන් පසු පාසැළට අයත් ඉතා පැරණි සහ ඉතිහාසීය වටිනාකමකින් යුත් ගොඩනැගිළි රැසක් ලහි ලහියේම කඩා ඉවත්කරන ලදී. මේ සිදුවීමෙන් පසු පාසැලේ කාර්්‍ය මංඩලයම මහත් බියකින් පසුවේ.


Source: lankanewsweb.com

Share this article with your friends