Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

මහින්ද අයියාගෙන් බැසිල් මල්ලිට කනේ පහරක්


‘‘දේශපාලනඥයන් දේශපාලනය කළ යුත්තේ මිල මුදල් ඉඩකඩම් හරි හම්බ කිරීමට නොව ජනතාවගේ සුභසිද්ධිය සඳහා බවත්, ඉස්සර දේශපාලනඥයන් එසේ කලත් අද දේශපාලනඥයින් කරන්නේ බඩවඩා ගැනීම පමනක් බවත්, එවැනි දේශපාලනඥයින්ට එස්.ඞී. බණ්ඩාරනායක වැනි මහත්මා දේශපාලනඥයින්ගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති බව’’ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 24දා අරලියගහ මන්දිරයේදී පවසා තිබේ.
ජනාධිපතිවරයා එසේ පවසා ඇත්තේ ජනවාරී 24 වන දිනට උපන්දිනය යෙදී තිබුණ ගම්පහ දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.ඞී. බණ්ඩාරනායක මහතාගේ ජන්මදින උපහාර උළෙලෙට සහභාගී වෙමිනි.

ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත්තේ තමන්ගේ බාල සොහොයුරු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාද එම අවස්ථාවට සහභාගීවෙමින් සිටියදීය. ජනාධිපතිවරයාගේ කතාවෙන් උත්සව සභාව කුතුහලයෙන් ඇළලී ගොස් ඇති අතර එහි සිටි සියලූදෙනා වරක් බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා දෙසත් වරෙක ජනාධිපතිවරයා දෙසත් බලමින් සිට ඇත.

ජනාධිපතිවරයාගේ කතාවට කිසිදු ප‍්‍රතිචාරයක් නොදක්වා ඇති බැසිල් අමාත්‍යවරයා ජනාධිපතිවරයා පිටත්ව යාමට කලින් එස්.ඞී. බණ්ඩාරනායක මහතාට සුභපතා එම ස්ථානයෙන් පිටවී ගොස් ඇති අතර එසේ සුභපතන විට බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා අවට සිටි කිහිප දෙනෙකුට ඇසෙන ලෙස ‘‘මේවට තමයි වැදිබන කියන්නේ’’ යනුවෙන් පවසා තිබේ.

මහින්ද-බැසිල් අයියා මලෝවරු මෙසේ ප‍්‍රසිද්ධියේම එකිනෙකාට ඇනුම්පද කියාගැනීම ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය කෙතරම් විශාල එකක්දැයි තේරුම්ගැනීමට කදිම නිදසුනක් බව එම අවස්ථාවට සහභාගී වී සිටි මෙම සිද්ධිය Lanka News Web වෙත පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.


Source: lankanewsweb.com

Share this article with your friends