Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

ආණ්ඩුව ඇතුළේ 'ඉඟුරු කල්ලියක්'


ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය ඇමතිවරුන් කිපදෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් 'ඉඟුරු කල්ලිය' නමින් රහස්ගත සංවිධානයක් ගොඩ නගාගෙන තිබේ.
චන්ද්‍රීකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති ධුරය හෙබ වූ සමයේදී ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුපෙළ සිටි පිරිසක් මෙලෙසම 'ඉඟුරු කල්ලිය' නමින් සංවිධානයක් පිහිටුවාගෙන පක්ෂ නායකත්වය වෙත බලපෑම් කරනු ලැබීය. එකළ 'ඉඟුරු කල්ලියේ' කැඳවුම්කරු වූයේ ඩිලාන් පෙරේරා මහතාය.
වත්මන් ඉඟුරු කල්ලියට ඇමතිවරුන් ඇතුලත්ව නැතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ සහය ඔවුන් වෙත ලැබී තිබේ. ජනාධිපති ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්ෂ මහතාට හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම සංවිධානයට එක්කරගෙන නොමැත.


මෙම ඉඟුරු කල්ලියේ කැදවූම්කරු ලෙස පත් කරගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ සමීපතම ඥාතියෙකුවන ශ්‍රීලනිප තරුණ මන්ත්‍රීවරයකි.
පක්ෂ නායකත්වය තනතුරු හා සම්පත් ඛෙදා දීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් නොසලකා හැරීම මෙම සංවිධානය ගොඩනැගීමට බලපෑ ප්‍රධාන කාරණය වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යළි ගෞරවාන්විත තැනක් හිමිවිය යුතු බවත් ඒ වෙනුවෙන් තම සංවිධානය සටන් කරන බවත් එහි කි්‍රයාකාරිකයෙකු අප වෙත පැවසීය.
කෙසේ වුවද තම කණ්ඩායම කිසිවිටක එක්සත් ජාතික පක්ෂයට හෝ විපක්ෂයේ වෙනත් පක්ෂවලට කිසිදු සහයක් නොදක්වන බව කියා සිටි ඔහු ආණ්ඩුව නිවැරදි මාර්ගයට ගැනීම තමන්ගේ මූලික අභිප්‍රාය බවද අවධාරණය කළේය.


Source: lankanewsweb.com

Share this article with your friends