Chitika Smowtion 468x60


Saturday, January 28, 2012

කපිතාන් භාරත කුලියට මිනීමරන කොන්ත‍්‍රාත් අරන්


මාතර යුද හමුදා මූලස්ථානයේ අණදෙන නිලධාරි කපිතාන් භාරත කොඩිතුවක්කු මහතා දේශපාලන අවශ්‍යතා මත කුලියට මිනීමරන්නෙකු බව මේ වනවිට හෙළිදරව් වී තිබේ. පසුගිය 19 වනදා අපගේ වෙබ් අඩවියෙහි ‘‘බන්ධනාගාර සැකකරුවෙකු ඝාතනය කිරීමට පැමිණි එස්.ටී.එෆ් මැරයින් මාට්ටු’’ යන ශිර්ෂයෙන් යුතු ප‍්‍රවෘත්තිය පළවීමත් සමග කපිතාන් භාරත කොඩිතුවක්කුගේ රහස් තොරතුරු රාශියක් අප වෙත ලැබී තිබේ.

බන්ධනාගාර සැකකරුවෙකු ඝාතනය කිරීමට පැමිනියේ පොලිස් විශේෂ කාර්යය බලකායේ සෙබලූන් සිව්දෙනකු බවට අප විසින් පළකළ ප‍්‍රවෘත්තියෙහි සඳහන් විය. එහෙත් එම සිද්ධියට එස්.ටී.එෆ් කිසිවෙකු සම්බන්ධ නොමැති බවත්, බන්ධනාගාර සැකකරුවෙකු ඝාතනය කිරීමට සිව්දෙනෙකු එවා ඇත්තේ මාතර යුද හමුදා මූලස්ථානයේ අණදෙන නිලධාරී මේජර් භාරත කොඩිතුවක්කු මහතා විසින් බවත්, පොලිස් විශේෂ කාර්යය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත අනාවරනය කළේය.

එසේ පැමිණි සිව්දෙනාම මාතර යුද හමුදා මූලස්ථානයට අනුබද්ධව සේවය කරන සෙබලූන් බවත් ප‍්‍රකාශ කර සිටි එම එස්.ටී.එෆ් නිලධාරියා, දකුණු ප‍්‍රදේශය තුළ දේශපාලන බලය යොදාගනිමින් කපිතාන් කොඩිතුවක්කු විසින් සිදුකරන නීති විරෝධී ජාවාරම් ගණනාවක් පිළිබදවද එම නිලධාරියා අප වෙත තොරතුරු රාශියක් හෙළිදරව් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සොයාබැලීමේදී පසුගිය 18 වනදා මීගමුව උසාවියට රැගෙන එමින් සිටි බන්ධනාගාර රැදවියන් පිරිස අතර වුන් මධුෂ් ලක්ෂාන් නැමැත්තා ඝාතනය කිරීමට උත්සාහ කොට, එය අසාර්ථක වීමෙන් පසු පළායාමට තැත්කරද්දී අල්ලා ගනු ලැබූ දෙදෙනා හමුදා සෙබලූන් වේ.

කෙසේ වුවද මීගමුව බන්ධනාගාරයේ සිටින මධුෂ් ලක්ෂාන් ඝාතනයට තැත්කිරීමේ චෝදනාවට අදාල පොලිස් පරික්ෂණ මේ වනවිට දේශපාලන බැලපෑම් මත අත්හිටුවා තිබේ.

මෙසේ මීගමුවේදී ඝාතන ඉලක්කයට ලක්වූ මධුෂ් ලක්ෂාන් නැමැත්තා, දකුනු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ඩැනී හිත්තැටියගේ මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාල ප‍්‍රධාන සැකකරුවාය. මොහු මීට අමතරව දේශපාලන අවශ්‍යතා මත ඝාතන කිහිපයක්ද විපක්ෂයේ ක‍්‍රියාකාරිකයින්ට පහරදීම් ගණනාවක්ද සිදුකිරීම පිළිබදව චෝදනා ලැබූවෙකි.

දේශපාලන අවශ්‍යතා මත සිදුකළ එම අපරාධයන් පිළිබදව ලගදීම හෙළිදරව් කරන බවට මොහු පසුගිය දා ඔහු බැලිමට පැමිණි කිහිප දෙනෙකුට පවසා තිබේ. ඔහුව ඝාතනය කිරීමට තැත්කිරීම එම ප‍්‍රකාශය මත සිදුවූවක් විය හැකි බව ඔහුගේ පවුලේ හිතවතෙකු අප කළ විමසීමේදී පැවසීය.

මෙසේ මධුෂ් ලක්ෂාන් ඝාතනය කිරීම සඳහා අණදුන් කපිතාන්වරයා, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ සමීපතම අනුගාමිකයෙකි. දේශපාලන අවශ්‍යතා මත මොහු පසුගිය කාලය පුරාම මාතර දිස්ත‍්‍රික්කය තුළ භීෂණයක් පතුරුවා හැර ඇති අතර පසුගිය ඡන්දවලදී විපක්ෂයේ ක‍්‍රියාකාරිකයින්ට අවස්ථා ගණනාවකදීම හමුදා භටයන් යොදවා අමානුෂික ලෙස පහරදීම් සිදුකර තිබිණ.

ඒ පිළිබදව මාතර පොලීසියට පැමිණිලි ගණනාවක් ලැබී ඇති නමුත් නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයාගේ බලපෑම් මත පොලිසිය මේ දක්වා කිසිදු පරික්ෂණයක් සිදුකර නැත.

මෙම කපිතාන්වරයාගේ සොයුරු මූර්ති කොඩිතුවක්කු මහතා නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාගේ පෞද්ගලික ලේකම්වරයෙකු වේ.

එම දේශපාලන බලයද යොදාගනිමින් කපිතාන් කොඩිතුවක්කු මහතා දකුණු පළාතේ නීති වරෝධී ජාවාරම් රැසක් සිදුකරමින් සිටින අතර ‘සෝමාවතී’ නමින් මාතර-කොළඹ පෞද්ගලික බස්සේවයක්ද අරඹා ඇත්තේ නීත්‍යානුකූළ අවසරයක් පවා නොමැතිවය.




Source: lankanewsweb.com

Share this article with your friends